තංගල්ල ධීවර වරාය ශ්‍රීලංකාවෙහි මිනිස් ශ්‍රමයෙන් ගොඩනගන ලද පළමු වරාය වේ. වර්ෂ 1955 දී ධීවර දෙපාර්තමේන්තුව විසින් මෙහි ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරන ලදී. වර්ෂ 1972 හිදී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු එමඟින් ධීවර වරායන් ගොඩනැංවීමේ කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය ලබා දීම ආරම්භකරන ලදී.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - තංගල්ල
- ෆැක්ස්/ දුරකථන - 0472240978
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - හම්බන්තොට
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - තංගල්ල
- කොළඹට ඇති දුර - කිලෝමීටර 205
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 6º 01’ 30.37” උ - 80º 47’ 56.69” නැ
- ආරම්භක වර්ෂය - 1965
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 1.2 + 0.1
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 2.10
- මුහුදු තීරයෙහි දිග - මීටර 97.3+24.4+91.6+50
- ප්‍රධාන දිය කඩනය - මීටර 208
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 100 (ටොන් 3.5-5 යාත්‍රා)
පහසුකම්
- වෙරළ පහසුකම්
- අධිශීතකරණ පහසුකම්, අයිස් සැපයීම, අයිස් ගබඩා පහසුකම් සහ ශීතකළ මත්ස්‍යයින් සඳහා ගබඩා පහසුකම්
- වර්ග මීටර් 120 ක වැඩහල
- වර්ග මීටර් 180 ක දැල් අලුත්වැඩියාහල
- ධීවර වරාය නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මකවන ඉන්ධන සැපයීම
- වෙන්දේසි ශාලාව
- පොදු පහසුකම්
- නැංගූරම් පහසුකම්
- ටොන් 20 (ධාරිතාවය) බරැති ලිස්සන මාර්ගය, දබරය සහ අනෙකුත් උපාංග
- ටොන් 5 යාත්‍රා එසවීමේ පහසුකම්
- පොදු සනීපාරක්ෂක පහසුකම්
- වර්ග මීටර 450 ක කාර්යාල ගොඩනැගිල්ල
- වර්ග මීටර 100 ක ගබඩාව
- ලීටර 14,000 ක ජල ගබඩාව
- යාත්‍රා අලුත්වැඩියා කිරීමේ පහසුකම් යන්ත්‍රසූත්‍ර සමඟ
- ලීටර 36,000 ක ඉන්ධන ගබඩාව
- ටොන් 20 ක ටඩානෝ (Tadano) ජංගම දොඹකරය
- ආපනශාලා පහසුකම්
- බර කිරීමේ පාලම
- ගුවන් විදුලි කාමරය