දික්ඕවිට දකුණු ධීවර වරාය 2013 වර්ෂයේදී ස්ථාපනය කරන ලද අතර මෙම වරාය විශේෂයෙන්ම විශාල ප්‍රමාණයේ යාත්‍රාවන් සඳහා විශේෂ ලෙසට ගොඩනංවා ඇත. තවද, මෙම වරාය ශ්‍රී ලංකාවෙහි ඇති විදේශීය යාත්‍රා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට හැකි විශේෂඥ වරායක් ලෙස සැළකේ. එමෙන්ම දික්ඕවිට ධීවර වරාය ගිනිකොණ දිග ආසියාවෙහි පිහිටා ඇති විශාලතම ධීවර වරාය ලෙසද අභිශේක ලබා ඇත. මෙම වරාය ශ්‍රී ලංකාවෙහි බටහිර වෙරළතීරයෙහි පිහිටා ඇති අතර, ආසන්න වශයෙන් කොළඹ වරායට කිලෝමීටර 6 ක් උතුරින්ද, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට කිලොමීටර 24 ක් දකුණින්ද පිහිටා ඇත.
තොරතුරු
පිහිටීම
I ලිපිනය - දික්ඕවිට
II ෆැක්ස්/ දුරකථන - +94 112942872
III ආර්ථික කලාපය - බස්නාහිර
IV පලාත - බස්නාහිර
V දිස්ත්‍රික්කය - ගම්පහ
VI ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - වත්තල
VII කොළඹට ඇති දුර - 10.01 කිලෝමීටර s
අනෙකුත් තොරතුරු
I පිහිටීම - 70 00’ 12.0” උ – 790 52’ 03.7” නැ
II ආරම්භක වර්ෂය - 2013
III භූමි ප්‍රමාණය - හෙක්ටයාර 8.083+0.89
IV ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 10.65
V මුහුදු තීරයෙහි දිග - මීටර 248.5+362
VI ජැටියෙහි දිග - මීටර 55+55+64+64+64+47
VII ප්‍රධාන දිය කඩනය - මීටර 758
VIII අනු දිය කඩනයෙහි දිග - මීටර 378.5
IX කැණීම් ගැඹුර - 3.0 මීටර - 5.0 මීටර
X නැංගූරම්පල ධාරිතාවය - 455 (ටොන් 3.5-5 යාත්‍රා)
XI මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය -
පිහිටීම
දකුණු ද්රෝණිය ( අපනයන තත්වයේ මත්ස්‍ය යාත්රා සඳහා)
1) වරකට
බහුදින යාත්‍රා 20-30
සඳහා
නැංගූරම්පොළ පහසුකම්.
2) පැටවීම සහ ඇසුරුම් කිරීම සඳහා ඒකක 03
3) ඉන්ධන සැපයුම් ජැටි 02 සහ ඇඟිලි ජැටි 2
4) සියලු පහසුකම් සහිත පරිපාලන ගොඩනැගිල්ල
5) ලියාපදිංචි ආයතන සඳහා කාර්‍යාල පහසුකම්
6) අයිස් කර්මාන්ත ශාලා ( දිනකට ටොන් 20/ ටොන් 40 දක්වා ගබඩා පහසුකම්)
7) අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පහසුකම්
8) තෙල් කාන්දුවීම් වලින් ආරක්ෂිත වීමට අදාළ උපකරණ/ ගිනි නිවීමේ පද්ධති.
9) වාහන නැවැත්වීමේ පහසුකම්
10) පැය 24 පුරාවට ආරක්ෂාව
11) බහදින මත්ස්‍ය යාත්‍රා වලට සහ එක් දින යාත්‍රා වලට පහසු හා ආරක්ෂිත නැංගූරම් පොලවල් පහසුකම්
සේවා පහසුකම්
1) යාත්‍රා
එසවීම, පිරිසිදු
කිරීම සහ කුඩා ප්‍රමාණයේ
අලුත්වැඩියා කටයුතු
2) ටොන් 100 සංචාරක සෝපානය
3) පාවෙන වියළි තටාකය
4) සී-නෝර් පදනමෙහි ජංගම වැඩමුළු පහසුකම්
5) යාත්‍රා එසවීම, පිරිසිදු කිරීම සහ විශාල ප්‍රමාණයේ අලුත්වැඩියාවන්
(සියලුම විශාල ප්‍රමාණයේ අලුත්වැඩියා කටයුතු සිදුකරනු ලබන්නේ දික්ඕවිට වරායට ආසන්නයේ පිහිටි සී-නෝර් පදනමෙහි යාත්‍රා අංගනයේ වේ. එයට හේතුව අලුත්වැඩියා කටයුතු හේතුවෙන් වරාය පරිශ්‍රය දූෂණය වීම වැළැක්වීමට වේ.)
6) යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන තිරිංග සහිත ලිස්සායාම් මාර්ග
7) පැරා නාවික ක්‍රමය මඟින් දෝෂ විශ්ලේෂණය
8) එන්ජින් අලුත්වැඩියාව
9) සුක්කානම් අලුත්වැඩියාව
10) ජෙල් තට්ටු ආලේපනය
11) අවර පෙති අලුත්වැඩියාව
12) නැංගූරම් අලුත්වැඩියාව
13) මත්ස්‍යයින් සැකසීමේ පහසුකම්







