ශ්‍රීලංකාවේ වයඹ පළාතෙහි පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු තීරයේ පිහිටා ඇති ස්වාභාවික වරායක් ලෙස කල්පිටිය ධීවර වරාය හැඳින්විය හැකිය. මෙම වරායට එකවර යාත්‍රා 500 කට අවශ්‍ය සියලු පහසුකම් සහ මෙහෙයුම් කටයුතු කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව පවතින මුත් එය වඩාත් කාර්යක්ෂම ලෙස වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කොට ඇත.
කල්පිටිය වරාය සීඝ්‍රයෙන් විශාල ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් නැරඹීමට වඩාත් උචිත ප්‍රදේශයක් ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් සමඟ “සංචාරක පුරයක්” ලෙස රජයේ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇත.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - කල්පිටිය
- ආර්ථික කලාපය - වයඹ
- පලාත - වයඹ
- දිස්ත්‍රික්කය - පුත්තලම
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - කල්පිටිය
- කොළඹට ඇති දුර - කිලෝමීටර 170
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 8º14’ 17.90” උ - 79º 46’ 1.94” නැ
- ආරම්භක වර්ෂය - 1968
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 0.49
- ද්‍රෝණි ප්‍රදේශය - කළපුව
- මුහුදු තීරයෙහි දිග - මීටර 115.8+10.4
- ජැටියෙහි දිග - මීටර 57.2
- කැණීම් ගැඹුර - මීටර 2.5
- නැංගූරම්පල ධාරිතාවය - 180 (ටොන් 3.5-5 යාත්‍රා)
පහසුකම්
- වෙරළ පහසුකම්
- අයිස් කර්මාන්තශාලා
- වෙන්දේසි ශාලාව
- දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- පොදු පහසුකම්
- ආපනශාලා පහසුකම්
- ධීවරයින් සඳහා ගිමන්හල්
- අවට දූපත් සඳහා ප්‍රවාහන පහසුකම්
- විනෝද මධ්‍යස්ථාන
- කාර්යාලය පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- කාර්යාලය ප්‍රදේශය
- බර කිරුම් පාලම