බොල්ගොඩ ගංගාවට සමීපව පිහිටා ඇති පානදුර වරාය ධීවර කටයුතුවලට අමතරව සංචාරක කටයුතුවලට ද අනර්ඝ වරායකි. මෙම වරාය පිහිටුවීමේ ප්‍රධානතම පරමාර්ථය වනුයේ දේශීය ධීවරයින් හට අවශ්‍ය පහසුකම් සලසා දීමටවේ.
පොදු විස්තර:-
පිහිටීම
- ලිපිනය - පානදුර
- ෆැක්ස්/දුරකතන - + 94 11 22 65 7374
- ආර්ථික කලාපය - බස්නාහිර
- පළාත - බස්නාහිර
- දිස්ත්‍රික්කය - කොළඹ/ පානදුර
- ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - මොරටුව
- කොළඹ සිට දුර - කිලෝමීටර් 30
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 6º 42’ 58.31” උ -79º 54’ 0.98” නැ
- ආරම්භ වර්ෂය - 1998
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 2.46
- ද්‍රෝණි ප්‍රදේශය - කලපුව
- මුහුදු තීරයෙහි දිග - මීටර් 75.5
- ප්‍රධාන දිය කඩනයෙහි දිග - මීටර් 670
- අනු දිය කඩනයෙහි දිග - මීටර් 150
- කැණීම් ගැඹුර - මීටර් 2.5 – 3.0
- නැංගූරම්පල ධාරිතාව - 75 (ටොන් 3.5 – 7)
- මෙහෙයුම් වල නිරත යාත්‍රා ප්‍රමාණය - 75
පහසුකම්
- වෙරළ පහසුකම්
- මත්ස්‍ය වෙන්දේසි ශාලාව
- දැල් අලුත්වැඩියා කිරීමට මීටර් 150 දිග ශාලාව
- ලීටර් 25,000 ක ධාරිතාවයෙන් යුතු වතුර ගබඩා කිරීමට ටැංකි
- ශීතකරණ පහසුකම්
- ඉන්ධන සැපයුම්
- අනෙකුත් පහසුකම්
- කාර්යාලය ගොඩනැගිල්ල
- ආරක්ෂක කාර්යාලය
- බර මැනීමේ පාලම
- අවන්හල
- සනීපාරක්ෂක පහසුකම්