හික්කඩුව නගරයේ හදවතෙහි පිහිටා ඇති හික්කඩුව ධීවර වරාය, කොළඹ සිට කිලෝමීටර 100 ක් නිරිතදිගින් ස්ථාන ගතව ඇත. එමෙන්ම හික්කඩුව ශ්‍රීලංකාවේ වඩාත් ජනප්‍රියතම සංචාරක පුරවරයක් ලෙසද හැදින්විය. තවද, ශ්‍රී ලංකාවට අයත් එකම සමුද්‍ර අභයභූමිය ද මෙම වරාය පසෙකින් පිහිටා ඇත.
හික්කඩුව සංචාරකයින් අතර වඩාත් ජනාදරයට පාත්‍ර වී ඇත්තේ කොරල්පර සහ පුළුල් වර්ග පන්ති වලට අයත් මසුන් විශාල ලෙස සහ සුලභ ලෙස හික්කඩුව මුහුදු තීරය තුල ගැවසීම හේතුවෙනි. එමෙන්ම මෙම වරාය පාරිසරික සංචාරක ව්‍යපෘති සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන වරායක් ලෙස හඳුනාගෙන ඇත.
පොදු තොරතුරු
ස්ථානය
- ලිපිනය - හික්කඩුව
- ෆැක්ස්/ දුරකථන - + 94 912 277 850
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - ගාල්ල
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හික්කඩුව
- කොළඹට ඇති දුර - කිලෝමීටර 100
පොදු තොරතුරු
- පිහිටීම - 6º 8’ 35.77” උ - 80º 05’ 53.19” නැ
- ආරම්භක වර්ෂය - 2001
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 1.25 +0.1
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 4.50
- මුහුදු තීරයෙහි දිග - මීටර 136
- ප්‍රධාන දිය කඩනය - මීටර 305+64+116
- අනු දිය කඩනයෙහි දිග - මීටර 330
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 250 (ටොන් 3.5-5 යාත්‍රා)
- මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 250
වෙරළ පහසුකම්
- ඉන්ධන සැපයීම
- දැල් අලුත්වැඩියා ගොඩනැගිල්ල
- වෙන්දේසි ශාලාව
පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- කාර්යාල ගොඩනැගිල්ල
- ලීටර 30,000 ක ජල ගබඩාව
- ආපනශාලා
- යාත්‍රා එසවීම
- ගුවන්විදුලි මැදිරිය
ඉන්ධන සැපයුම්හල
- බෙදාහැරීමේ උපකරණ - 01, ධාරිතාවය මිනිත්තුවකට ලීටර 70
- ගබඩා ටැංකිය - ලීටර 36,000