• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

ගාල්ල ධී.ව.

  1. ධීවර වරායන්

දශක ගණනාවක සිටම ගාල්ල යනු ශ්‍රීලංකාවට අයත් ඉතාමත් වැදගත් වරායක් ලෙස හැඳින්විය හැකිය. පෘතුගීසි සහ ලන්දේසි පාලන සමයන් හීදී ප්‍රමුඛස්ථානයක් ඉසිලූ ගාල්ල ද්‍රෝණියෙහි වැදගත්භාවය වර්ෂ 1873 ඉංග්‍රීසින් ගේ පාලන සමයෙහි ගොඩනගන ලද කොළඹ වරාය හේතුකොටගෙන වියැකී යාමට විය. ලන්දේසි කොටුව ලෙසින් වඩාත් සුප්‍රසිද්ධ ගාල්ල ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව මඟින් ප්‍රකාශිත කොට ඇත.


වර්ෂ 1970 හිදී ගාල්ල ධීවර වරාය සඳහා සැලකිය යුතු ආධාර ප්‍රමාණයක් ප්‍රංශ රජය විසින් පිරිනමා ඇත. තවද ඉතා ඉහළ ධාරිතවයකින් යුතු මෙම වරාය සඳහා සේවකයින්ද සැලකිය යුතු ප්‍රමාණයක් සේවයෙහි යොදවා ඇත.

මීට අමතරව, මෙම වරාය ගැඹුරු මුහුදු කාර්මික ධීවර වරායක් ලෙස වාණිජ වරාය තුළම වැඩි දියුණු කිරීම සඳහා සැලසුම් කර ඇත. එයට විශාල ප්‍රමාණයේ ගබඩා සංකීර්ණ සහ පුළුල් සේවා පහසුකම් ද ඇතුළත් කර ඇත.

ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක පිහිටා ඇති මෙම වරාය සංචාරකයින්ට සහ සංචාරක යාත්‍රා සඳහා නැංගූරම් පහසුකම්ද සලසා දෙනු ලැබේ. එමෙන්ම වරාය මත පදනම්ව ඇති සංචාරක ආකර්ෂණය කරණ කොටගෙන ප්‍රදේශයේ ධීවරයින්ටද ප්‍රතිලාභ අත්වන ලෙස අදාළ සැකසුම් දියුණු කල යුතුව ඇත.


ශ්‍රීලාංකික නාවුක හමුදාව මගින් ගාල්ල වරායට අයත් ටොන් 200 ක සහ ටොන් 500 ක ලිස්සන මාර්ග, වැඩපොළ ගොඩනැගිල්ලක්, ආපනශාලාවක්, සුභසාධන ගොඩනැගිල්ලක් සහ සංචාරක බංගලාව ද අත්පත් කරගෙන ඇති අතර මේ හේතුවෙන් වරාය තුළ භාවිත නොවන ගොඩනැගිලි ප්‍රදේශය ආසන්න වශයෙන් වර්ග මීටර 1000 ක් පමණ වේ.



පොදු තොරතුරු


පිහිටීම

  • ලිපිනය - මාගාල්ල, ගාල්ල
  • ෆැක්ස්/ දුරකථන - + 94 91224 2368/ 91 223 4573
  • ආර්ථික කලාපය - දකුණ
  • පලාත - දකුණ
  • දිස්ත්‍රික්කය - ගාල්ල
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - ගාල්ල
  • කොළඹට ඇති දුර - කිලෝමීටර 117



අනෙකුත් තොරතුරු

  • පිහිටීම - 6º 02’ 5.60” - 80º 13’ 46.55” නැ
  • ආරම්භක වර්ෂය - 1965
  • භූමි ප්‍රමාණය - හෙක්ටයාර 3.10
  • ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 3.10
  • මුහුදු තීරයෙහි දිග - මීටර 56+95+109+32
  • කැණීම් ගැඹුර - මීටර 3.0 – 6.0
  • නැංගූරම්පල ධාරිතාවය - 250 (ටොන් 3.5-5 යාත්‍රා)
  • මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 250



පහසුකම්


වෙරළ පහසුකම්

  • අධිශීතකරණ පහසුකම්. එනම් අයිස් සැපයීම, අයිස් ගබඩා,අධිශීතකරණ, ශීත කල මත්ස්‍යයින් සඳහා ගබඩා පහසුකම්.
  • වර්ග මීටර් 3,492 ක වැඩහල
  • වර්ග මීටර් 225 ක දැල් අලුත්වැඩියාහල
  • ඉන්ධන සැපයීම
  • වර්ග මීටර් 1580 ක වෙන්දේසි ශාලාව
  • ලිස්සන මාර්ග
  • ඉන්ධන සැපයීම


පොදු පහසුකම්

  • සනීපාරක්ෂක පහසුකම්
  • ආපනශාලා පහසුකම් සහ කඩසාප්පු පහසුකම්
  • වර්ග මීටර් 271 ක කාර්යාලය ප්‍රදේශය
  • වර්ග මීටර 4,180 ක ගබඩා පහසුකම්
  • ලීටර් 341,000 ක ජල ගබඩාව
  • බර කිරීමේ පාලම
  • ගුවන් විදුලි මැදිරිය
  • ජංගම දොඹකරය
  • ධීවරයින් ගේ විශ්‍රාම ශාලාව

© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT