මිරිස්ස ධීවර ගම්මානය වඩාත් ප්‍රචලිතව ඇත්තේ සුවිශේෂී වෙරළ තීරය සහ අනර්ඝ රළ පෙළ හේතුවෙනි. වැලිගම බොක්ක තුළ සුරක්ෂිත ලෙස පිහිටා ඇති මිරිස්ස ධීවර වරාය සියලුම වෙරළ පහසුකම් සහ මනා සාමුද්‍රික ව්‍යහයකින් සන්නද්ධව ඇත.
මෙම මිරිස්ස ධීවර වරාය දේශයේ ප්‍රධානතම ධීවර වරායන්ගෙන් එකක් ලෙස හැඳින්විය හැකිය. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම වරාය සුප්‍රසිද්ධ තල්මසුන් නැරඹීමේ ස්ථානයට ආසන්නයේම පිහිටා තිබීම වේ. තවද, මෙම වරාය පාරිසරික සංචාරක ව්‍යාපාරයට, ජල ක්‍රීඩා වලට සහ මරීනා යාත්‍රා සඳහා ද අනර්ඝ ස්ථානයක් ලෙස සැලකිය හැකිය.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - මිරිස්ස
- ෆැක්ස්/ දුරකථන - + 94 41 225 1660
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - මාතර
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - වැලිගම
- කොළඹට ඇති දුර - කිලෝමීටර 154
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 5º 56’ 55.05” උ - 80º 27’ 1.54” නැ
- ආරම්භක වර්ෂය - 1966
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 2.00
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 6.20
- මුහුදු තීරයෙහි දිග - මීටර 100+256+73
- ප්‍රධාන දිය කඩනය - මීටර 456
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 300 (ටොන් 3.5-5 යාත්‍රා)
- මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 300
පහසුකම්
වෙරළ පහසුකම්
- වර්ග මීටර් 195 ක වැඩහල
- වර්ග මීටර් 145 ක දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- වර්ග මීටර් 120 ක වෙන්දේසි ශාලාව
- ටොන් 5 – යාත්‍රා එසවීමේ පහසුකම්
- ඉන්ධන සැපයීම
පොදු පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- ආපනශාලා පහසුකම්
- නිළධාරීන් සඳහා නිළ නිවාස පහසුකම්
- වර්ග මීටර් 32 ක කාර්යාලය ප්‍රදේශය
- ලීටර් 49,000 ක ජල ගබඩාව
- ගුවන් විදුලි මැදිරිය