දික්ඕවිට උතුර ධීවර වරාය දේශීය ධීවරයින් හට ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාත්මක වෙමින් දිගින් මීටර 60 ක් පමණ වන ධීවර යාත්‍රා ආසන්න වශයෙන් 500 කට පමණ වඩාත් ආරක්ෂාකාරී නැංගුරම්පොළ පහසුකම් සපයනු ලැබේ. මෙම වාරයෙහි ප්‍රධානතම භූමිකාව වනුයේ කලාපයේ ආර්ථික කටයුතු සදහා සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් ලබා දෙන, අපනයනය සදහා වෙන් කරනු ලබන මත්ස්‍යයින් ගොඩ බෑම වේ. තවද, මෙම ධීවර වරාය අනෙකුත් ධීවර වරායන්ගෙන් විශේෂ වන්නේ බටහිර කලාපයට අයත් බහුදින ධීවර යාත්‍රා වලට අමතරව ශ්‍රී ලංකාව පුරාවට ඇති බහුදින ධීවර යාත්‍රා සදහාද පුළුල් පරාසයකින් සේවා සැපයීමට ඇති හැකියාව වේ.
පොදු විස්තර:-
පිහිටීම
- ලිපිනය - උතුරු පර්යන්තය, හැදල, වත්තල
- ෆැක්ස්/දුරකතන - 0112942873
- ආර්ථික කලාපය - බටහිර
- පළාත - බටහිර
- දිස්ත්‍රික්කය - ගම්පහ
- ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය - වත්තල
- කොළඹ සිට දුර - කිලෝමීටර් 10.1
අනෙකුත් තොරතුරු
- පිහිටීම - 7º 00’ 25.8” උ -79º 52’ 00.3” නැ
- ආරම්භ වර්ෂය - 2013
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 8.083 + 0.89
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 10.65
- මුහුදු තීරයෙහි දිග - මීටර් 248.5
- ප්‍රධාන දිය කඩනයෙහි දිග- මීටර් 758
- අනු දිය කඩනයෙහි දිග - මීටර් 378
- කැණීම් ගැඹුර - මීටර් 3.0
- නැංගූරම්පල ධාරිතාව - 250-300
පහසුකම්
වෙරළ පහසුකම්
- මත්ස්‍ය වෙන්දේසි ශාලාව
- දැල් අලුත්වැඩියා කිරීමට මීටර් 150 දිග ශාලාව
- ලීටර් 25,000 ක ධාරිතාවයෙන් යුතු වතුර ගබඩා කිරීමට ටැංකි
- ශීතකරණ පහසුකම්
- ඉන්ධන සැපයුම්
අනෙකුත් පහසුකම්
- කාර්යාලය ගොඩනැගිල්ල
- ආරක්ෂක කාර්යාලය
- බර මැනීමේ පාලම
- අවන්හල
- සනීපාරක්ෂක පහසුකම්