කලුතර
දිස්ත්‍රික්කයේ පිහිටා ඇති
බේරුවල වරාය බස්නාහිර පළාතේ
දකුණු කෙළවර මායිම්ව පිහිටා
ඇත. වර්ශ
1964 දී
ධීවරයින්ගේ යටිතල පහසුකම්
ප්‍රවර්ධනය සඳහා බැඳී සිටින්නාවූ
ලංකා ධීවර සංස්ථාව මඟින්
බේරුවල වරාය ගොඩනගන ලදී.
වර්ෂ
1972 හි
සිට මෙම වරාය නඩත්තු සහ මෙහෙයුම්
කටයුතු සඳහා ලංකා ධීවර වරාය
නීතිගත සංස්ථාව වෙත භාරදී
ඇත. මෙම
වරාය ද යුරෝපා සංගමයෙහි සම්මත
පහසුකම් වලට අනුකූලව ආකෘති
වරායක් ලෙස වැඩිදියුණු කර
ඇත.
- ලිපිනය - බේරුවල
- ෆැක්ස්/ දුරකථන - + 94 3422 76 651
- ආර්ථික කලාපය - බස්නාහිර
- පලාත - බස්නාහිර
- දිස්ත්‍රික්කය - කලුතර
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - බේරුවල
- කොළඹට ඇති දුර - කිලෝමීටර 56
පොදු
තොරතුරු
පිහිටීම
- පිහිටීම - 6º 28’ 31.89” උ - 79º 58’ 58.46.60” නැ
- ආරම්භක වර්ෂය - 1965
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 4.9+0.2
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 13.30
- මුහුදු තීරයෙහි දිග - මීටර 102+110+96
- ජැටියෙහි දිග - මීටර 41
- ප්‍රධාන දිය කඩනය - මීටර 385
- අනු දිය කඩනයෙහි දිග - මීටර 188
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - -530 (ටොන් 3.5-5 යාත්‍රා)
- මෙහෙයුම් වල නිරතව ඇති යාත්‍රා ප්‍රමාණය - 530
- අධිශීතකරණ පහසුකම්. එනම් අයිස් සැපයීම, අයිස් ගබඩා,අධිශීතකරණ, ශීත කල මත්ස්‍යයින් සඳහා ගබඩා පහසුකම්.
- වර්ග මීටර් 200 ක වැඩහල
- වර්ග මීටර් 200 ක දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- වර්ග මීටර් 60 ක වෙන්දේසි ශාලාව
- ඉන්ධන ගබඩා ධාරිතාව
- සනීපාරක්ෂක පහසුකම්
- ආපනශාලා පහසුකම් - අවුරුදු බද්දට
- ආහාරපාන මිලදී ගැනීම සඳහා සාප්පු පහසුකම්
- වර්ග මීටර් 120 ක කාර්යාලය ප්‍රදේශය
- ලීටර් 26,500 ක ජල ගබඩාව
- ලිස්සා යෑම් මාර්ගය
- වෙළෙඳසැල් පහසුකම්
- ගුවන් විදුලි මැදිරිය
- ජංගම දොඹකරය
අනෙකුත් තොරතුරු
පහසුකම්
වෙරළ පහසුකම්
පොදු පහසුකම්