2017 වර්ෂයේ දී වරාය සංස්ථාව මඟින් සිදු කරන ලද සමීක්ශනයකදී මිරිස්ස වරාය අවට මුහුදු තීරයේ තල්මසුන් ගැවසෙන බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව තල්මසුන් නැරඹීමට සංචාරකයින් සඳහා අවස්ථාව ලබාදීම 2019 වර්ෂයේදී ආරම්භ කල අතර, පෞද්ගලික සංචාරක ආයතන හා නෞකා වලටද එම ව්‍යපෘතිය සඳහා දායකවීමට අවස්ථාව ලබාදෙන ලදී.
මිරිස්ස සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් තල්මසුන් නැරඹීමට අනර්ඝ ප්‍රදේශ වීමට ප්‍රධානනතම හේතුව වන්නේ එම මුහුදු තීරයන්හී රංචු ලෙස වාසය කරන්නාවූ කුඩා සත්ව විශේෂයක් වන ක්‍රිල් (Krill) නැමැති කුඩා මත්ස්‍ය විශේෂය හේතුවෙනි. මෙම ක්‍රිල් මත්ස්‍යයින් තල්මසුන් සහ ප්‍රධාන ලෙසට නිල් තල්මසුන්ගේ ප්‍රියතම ආහාරයක් වන හෙයින් ලොව පුරා සංචාරය කරන්නාවූ නිල් තල්මසුන් ද බහුල ලෙස මිරිස්ස සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් හීදී දැක බලා ගැනීමට අවස්ථාව හිමිවී ඇත. මීට අමතරව ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙහි තිබෙන්නාවූ සෞම්‍ය සමුද්‍ර පාරිසරික තත්ත්වයද තල්මසුන් විශාල ලෙස අවට මුහුදු තීරයන්හී ගැවසීමට හේතු සාධක වී ඇත.
තල්මසුන් නැරඹීමේ මෙම ව්‍යපෘතියෙහි ප්‍රධානතම ඉලක්කගත තල්මසුන් විශේෂය වන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරය අවට නිරන්තරයෙන් දැක බලාගත හැකි නිල් තල්මසුන් විශේෂය වේ. මාර්තු සිට ජුලි දක්වා මිරිස්ස මුහුදු තීරය අවට මොවුන් වැඩිවශයෙන් නිරීක්ෂණය කලහැක.
ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය ප්‍රචලිත වීමත් සමඟ ඝාතතක තල්මසුන් හෙවත් ඔර්කා (Orca) වැඩි වශයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබී ඇත. පසුගිය අවුරුදු කිහිපය තුල දකුණුදිග මුහුදු කලාපයෙහි ඔර්කාවන් විශාල වශයෙන් දැකබලා ගත හැකියාව ලැබී තිබූ අතර, මේ වන විට බටහිර වෙරළෙන් ඔබ්බට පිහිටි කල්පිටිය මුහුදු තීරයෙහි හා නැගෙනහිර මුහුදු කලාපයේ ත්‍රිකුණාමල වෙරළ තීරයෙහිද මොවුන් ගැවසෙමින් සිටියි.
ඩොල්ෆින් මත්ස්‍යයින් නැරඹීමට ශ්‍රී ලංකා මුහුදු තීරය ඉතා අනර්ඝ පාරාදීසයක් වන අතර එයිනුත් ප්‍රධාන වශයෙන් කල්පිටිය සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් වැඩිවශයෙන් ඩොල්ෆින් මත්ස්‍යයින් ගැවසෙන්නාවූ ප්‍රදේශයන් ලෙස හඳුනාගෙන ඇත. මෙම මුහුදු තීරයන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයන් බවට පත්කර ගනිමින් රෑන් වශයෙන් ගැවසෙන්නාවූ ඩොල්ෆින් මත්ස්‍යයින් කල්පිටිය අර්ධද්වීප මුහුදු කලාපය තුල විශාල රෑන් ලෙස දැකගත හැක. පිනර් (Pinner) නම් ඩොල්ෆින් විශේෂය ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගනී.
තල්මසුන් නැරඹීම සඳහා වෙරලේ සිට නාවුක සැතපුම් 20 ක දුර ප්‍රමාණයක් දක්වා ගමන් කිරීමේ හැකියාව ඇති අතර මිනිත්තු 10-15 අතර කාලවේලාවක් නැරඹුම් කාලය ලෙස ලබාදෙනු ලැබේ.
තල්මසුන් නැරඹීම සඳහා සෑම දිනකම උදෑසන 5.00 වන විට සංචාරකයින් මිරිස්ස වරාය තුළට ඇතුලත් කර ගන්නා අතර උදෑසන 7.00 වන විට සියලුම සංචාරක යාත්‍රා පිටත්වීම සිදුකරනු ලබයි.
දේශීය සංචාරකයින් සඳහා
වැඩිහිටි - රුපියල් 4,000.00
ළමා - රුපියල් 1,500.00
විදේශීය සංචාරකයින් සඳහා
වැඩිහිටි - ඩොලර් 50
ළමා - ඩොලර් 30
• යාත්‍රා වෙන්කරවා ගැනීම් සහ අනෙකුත් තොරතුරු සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව හරහා අපව සම්බන්ධ කරගත හැක.
තල්මසුන් විශාල ලෙස ත්‍රිකුණාමල සහ මිරිස්ස මුහුදු තීරයන්හී ගැවසීමට හේතු
මිරිස්ස සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් තල්මසුන් නැරඹීමට අනර්ඝ ප්‍රදේශ වීමට ප්‍රධානනතම හේතුව වන්නේ එම මුහුදු තීරයන්හී රංචු ලෙස වාසය කරන්නාවූ කුඩා සත්ව විශේෂයක් වන ක්‍රිල් (Krill) නැමැති කුඩා මත්ස්‍ය විශේෂය හේතුවෙනි. මෙම ක්‍රිල් මත්ස්‍යයින් තල්මසුන් සහ ප්‍රධාන ලෙසට නිල් තල්මසුන්ගේ ප්‍රියතම ආහාරයක් වන හෙයින් ලොව පුරා සංචාරය කරන්නාවූ නිල් තල්මසුන් ද බහුල ලෙස මිරිස්ස සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් හීදී දැක බලා ගැනීමට අවස්ථාව හිමිවී ඇත. මීට අමතරව ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයෙහි තිබෙන්නාවූ සෞම්‍ය සමුද්‍ර පාරිසරික තත්ත්වයද තල්මසුන් විශාල ලෙස අවට මුහුදු තීරයන්හී ගැවසීමට හේතු සාධක වී ඇත.
නිල් තල්මසුන්
තල්මසුන් නැරඹීමේ මෙම ව්‍යපෘතියෙහි ප්‍රධානතම ඉලක්කගත තල්මසුන් විශේෂය වන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරය අවට නිරන්තරයෙන් දැක බලාගත හැකි නිල් තල්මසුන් විශේෂය වේ. මාර්තු සිට ජුලි දක්වා මිරිස්ස මුහුදු තීරය අවට මොවුන් වැඩිවශයෙන් නිරීක්ෂණය කලහැක.
ඝාතක තල්මසුන්
ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීමේ ව්‍යාපෘතිය ප්‍රචලිත වීමත් සමඟ ඝාතතක තල්මසුන් හෙවත් ඔර්කා (Orca) වැඩි වශයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබී ඇත. පසුගිය අවුරුදු කිහිපය තුල දකුණුදිග මුහුදු කලාපයෙහි ඔර්කාවන් විශාල වශයෙන් දැකබලා ගත හැකියාව ලැබී තිබූ අතර, මේ වන විට බටහිර වෙරළෙන් ඔබ්බට පිහිටි කල්පිටිය මුහුදු තීරයෙහි හා නැගෙනහිර මුහුදු කලාපයේ ත්‍රිකුණාමල වෙරළ තීරයෙහිද මොවුන් ගැවසෙමින් සිටියි.
ඩොල්ෆින් මත්ස්‍යයින්
ඩොල්ෆින් මත්ස්‍යයින් නැරඹීමට ශ්‍රී ලංකා මුහුදු තීරය ඉතා අනර්ඝ පාරාදීසයක් වන අතර එයිනුත් ප්‍රධාන වශයෙන් කල්පිටිය සහ ත්‍රිකුණාමල මුහුදු තීරයන් වැඩිවශයෙන් ඩොල්ෆින් මත්ස්‍යයින් ගැවසෙන්නාවූ ප්‍රදේශයන් ලෙස හඳුනාගෙන ඇත. මෙම මුහුදු තීරයන් ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයන් බවට පත්කර ගනිමින් රෑන් වශයෙන් ගැවසෙන්නාවූ ඩොල්ෆින් මත්ස්‍යයින් කල්පිටිය අර්ධද්වීප මුහුදු කලාපය තුල විශාල රෑන් ලෙස දැකගත හැක. පිනර් (Pinner) නම් ඩොල්ෆින් විශේෂය ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගනී.
මිරිස්ස මුහුදු තීරය තුල තල්මසුන් නැරඹීම සඳහා යාහැකි දුර ප්‍රමාණය
තල්මසුන් නැරඹීම සඳහා වෙරලේ සිට නාවුක සැතපුම් 20 ක දුර ප්‍රමාණයක් දක්වා ගමන් කිරීමේ හැකියාව ඇති අතර මිනිත්තු 10-15 අතර කාලවේලාවක් නැරඹුම් කාලය ලෙස ලබාදෙනු ලැබේ.
පිටත් වීමේ කාලසීමාවන්
තල්මසුන් නැරඹීම සඳහා සෑම දිනකම උදෑසන 5.00 වන විට සංචාරකයින් මිරිස්ස වරාය තුළට ඇතුලත් කර ගන්නා අතර උදෑසන 7.00 වන විට සියලුම සංචාරක යාත්‍රා පිටත්වීම සිදුකරනු ලබයි.
ඇතුළු වීමේ ගාස්තු සහ යාත්‍රා ගාස්තු