• (+94) 011 2523051
  • (+94) 011 2522217
  • info@cfhc.gov.lk
  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව.

අපේ කැණීම් යාත්‍රා

  1. කැණීම් යාත්‍රා

ඔව්! අප සතුව තිබෙනවා

මුහුදු පතුල කැණීම් කරන යාත්‍රා

කැණීම් යාත්‍රාව- සයුරු ( බේසම් හැඩැති කැණීම් යන්ත්‍රය)

image description
image description
තොරතුරු

මෙම කැණීම් යන්ත්‍ර වරාය නඩත්තු කටයුතු සදහා නිර්මාණය කර ඇති අතර විශේෂයෙන්ම සීමාසහිත ප්‍රදේශයන් තඨාකාංගන සහ නැංගූරම් පොළවල් වල නඩත්තු කටයුතු සඳහා යොදාගැනේ. මෙම යන්ත්‍රයට මුහුදු පත්ලේ ඇති අවශේෂයන් එහි ඇති සන්සුන් ග්‍රහණ චලන පද්ධතිය මගින් එකතු කර අන්තර්ගතය මුදාහරිනු ලබයි. බොහෝවිට මුහුදු බොක්ක තුල ඇති මඩ කැණීම් සඳහා මෙය භාවිත කරනු ලබන අතර මැටි එකතු කිරීමට සහ මඩ තට්ටු ලිහිල් කිරීම සඳහා ද ප්‍රයෝජනවත්වේ.


මෙම කැණීම් යාත්‍රාව ප්‍රධාන වශයෙන් ද්‍රෝණිය තුල එකතුවන්නාවූ වැලි කැණීම සඳහාත් ධීවර වරායන් හී ප්‍රවේශයන් සකස් කිරීම සදහාත් භාවිතා කෙරේ. මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ඉවත්කරගන්නා ලද වැලි නැවත සයුරු මධ්‍යයට මුදා හැරීමද සයුරු කැණීම් යාත්‍රාව මගින්ම කල හැකි වීමයි. එම ක්‍රියාවලිය ධීවර ප්‍රජාවට  තම දෛනික ධීවර කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා ඉඩහසර ලබාදෙනු ලැබේ.

  • නිශ්පාදිත වර්ශය - 2014
  • නිශ්පාදිත දේශය - ජපානය
  • වර්ගය - බේසම් හැඩැති කැණීම් යන්ත්‍රය
  • යාත්‍රාවේ වටිනාකම - රුපියල් මිලියන 960
  • සම්පූර්ණ දිග - මීටර් 49.9
  • පළල - මීටර් 11.5
  • ගැඹුර -  මීටර්3.40
  • දළ ටොන් ප්‍රමානණය - ටොන් 624
  • අවසාදිත රදවා ගැනීමේ ධාරිතාව - 300m³

මෙම යාත්‍රාව දැනට දික්ඕවිට ධීවර වරාය තුල මෙහෙයුම් කටයුතු සිදුකරමින් තිබෙන අතර, අනෙකුත් ධීවර වරායන්හී අවශ්‍යතාවයන් සඳහා ද තම සේවාවන් සපයමින් සිටී. මීට අමතරව මහජන සහ පෞද්ගලික ආයතනයන් සඳහාද ගෙවීම් පදනම යටතේ සේවාවන් සපයා දෙනු ලැබේ.

කැණීම් යාත්‍රාව - රුහුණු පුතා

තොරතුරු

  • නිශ්පාදිත වර්ශය -  1989
  • නිශ්පාදිත දේශය - ජපානය
  • වර්ගය - බේසම් හැඩැති කැණීම් යන්ත්‍රය
  • යාත්‍රාවේ වටිනාකම - රුපියල් මිලියන 109.6
  • සම්පූර්ණ දිග - මීටර 40.3
  • පළල - මීටර 10.0
  • ගැඹුර - මීටර් 2.8
  • දළ ටොන් ප්‍රමානණය - ටොන් 361
  • අවසාදිත රදවා ගැනීමේ ධාරිතාව - 200m³

මෙමගින් ධීවර ප්‍රජාවගේ මූලික අවශ්‍යතාවයක් වන ධීවර වරායේ ද්‍රෝණිවල සහ ප්‍රවේශ මාර්ගවල වැලි ඉවත් කෙරේ. වැදගත්ම දෙය නම් යාත්‍රාව එම යාත්‍රාවෙන් වැලි නැවත ගැඹුරු මුහුදට ගෙන ගොස් මුදා හැරීමයි. මෙමගින් ධීවර ප්‍රජාවට තම දෛනික ධීවර කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබේ.


මෙම යාත්‍රාව දැනට දික්ඕවිට ධීවර වරායේ නැංගුරම් ලා ඇති අතර අනෙකුත් වරායන්හි කැණීම් කටයුතු සඳහා යොදා ගැනේ. යාත්‍රාව අලුත්වැඩියා කර ඇති අතර මේ වන විට එහි වැඩ අවසන් වෙමින් පවතී.

කැණීම් යාත්‍රාව - නිල්දියවර ( කටර් චූෂණ කැණීම් යන්ත්‍රය)

තොරතුරු

මෙම කටර් චූෂණ යන්ත්‍රය ගන පාශාණ කපා එහි ඇති භ්‍රමණය වන්නාවූ කටර් හිස මගින් කැබලිවලට කඩා දමනු ලැබේ. එසේ කඩා දමන ලද කොටස් කැණීම් පොම්පය මගින් ඉවතට ඇද නලගත මාර්ග ඔස්සේ ගොඩබිමට  හෝ මුහුදට මුදා හරිනු ලැබේ. 

ධීවර වරාය නීතිගත සංස්ථාව මෙම නෞකා ප්‍රධාන ලෙස වැලි ඉවත කිරීමටත්,  ධීවර වරායන් හී මුහුදු ද්‍රෝණීන් කපා එම අවශෝෂ ද්‍රෝණීන් වලින් ඉවතට පොම්ප කිරීමටත යොදා ගනු ලබන්නේ එය ධීවර ප්‍රජාවෙහි දෛනික අවශ්‍යතාවක් වන හෙයිනි.

මෙම ක්‍රියාවලිය ධීවර ප්‍රජාවෙහි දෛනික ධීවර කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා මහගු රුකුලකි.

  • නිශ්පාදිත වර්ශය - 2007
  • නිශ්පාදිත දේශය - නෙදර්ලන්තය
  • වර්ගය - කටර් චූෂන කැණීම් යන්ත්‍රය
  • යාත්‍රාවේ වටිනාකම - රුපියල් මිලියන 110
  • සම්පූර්ණ දිග - මීටර් 15.0
  • පළල - මීටර් 05.0
  • ගැඹුර ආසන්න ලෙස - මීටර් 0.50
  • දළ ටොන් ප්‍රමානණය - ටොන් 15
  • අවසාදිත රදවා ගැනීමේ ධාරිතාව - 80m³/ පැයකට
මෙම යාත්‍රාව හික්කඩුව ධීවර වරායෙහි අවශ්‍යතාවයන් සඳහා යොදවා ඇත.




කැණීම් යාත්‍රාව - සලාපුරකිදුරි

තොරතුරු

  • නිශ්පාදිත වර්ශය - 2007
  • නිශ්පාදිත දේශය - එක්සත් රාජධානිය
  • වර්ගය - කටර් චූෂන කැණීම් යන්ත්‍රය
  • යාත්‍රාවේ වටිනාකම - රුපියල් මිලියන 128
  • සම්පූර්ණ දිග - මීටර් 17.5 
  • පළල - මීටර් 03.6
  • ගැඹුර - මීටර් 4.0
  • දළ ටොන් ප්‍රමානණය - ටොන් 28
  • අවසාදිත රදවා ගැනීමේ ධාරිතාව  - 100m³/ පැයට



මෙම යාත්‍රාව කිරින්ද ධීවර වරායෙහි අවශ්‍යතා සදහා යොදවා ඇත.


  • -

ප්‍රධාන කාර්යාලය

  • නො. 15, රොක්හවුස් පටුමග, කොළඹ 15, ශ්‍රී ලංකාව
  • info@cfhc.gov.lk
  • (+94) 11 2 523 051
  • (+94) 11 2 522 217

රූප පෙළහර

  • image description
  • image description
  • image description
© 2022 | සියලුම හිමිකම් ඇවිරිණි
නිර්මාණය සහ සංවර්ධනය

ADDPRINT