ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව ඇති හෙක්ටයාර 3.7 ක පමණ වන ගොඩබිම් ප්‍රදේශයක් සහිත විශාලතම ධීවර වරායන්ගෙන් එකක් ලෙස කුඩාවැල්ල ධීවර වරාය සැළකිය හැකිය. මෙම වරාය ප්‍රධාන වශයෙන් බහුදින මත්ස්‍ය දඩයම සඳහා ලියාපදිංචි යාත්‍රාවන් සඳහා විශේෂත්වයක් උසුලයි. එමෙන්ම මෙම වරාය සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වන හුම්මානය ආසන්නයේ පිහිටා ඇත.
පොදු තොරතුරු
පිහිටීම
- ලිපිනය - කුඩාවැල්ල
- ෆැක්ස්/ දුරකථන - 0412255106
- ආර්ථික කලාපය - දකුණ
- පලාත - දකුණ
- දිස්ත්‍රික්කය - හම්බන්තොට
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - තංගල්ල
- කොළඹට ඇති දුර - කිලෝමීටර 190
- පිහිටීම - 5º 58’ 33.39” උ - 80º 44’ 1.54” නැ
- ආරම්භක වර්ෂය - 1998
- භූමි ප්‍රමාණය - හෙක්ටයාර 3.30
- ද්‍රෝණි ප්‍රදේශය - හෙක්ටයාර 10.30
- මුහුදු තීරයෙහි දිග - මීටර 288
- ප්‍රධාන දිය කඩනය - මීටර 680
- කැණීම් ගැඹුර - මීටර 3.0
- නැංගූරම්පල ධාරිතාවය - 400 (ටොන් 3.5-5 යාත්‍රා)
පහසුකම්
- වෙරළ පහසුකම්
- අයිස් කර්මාන්තශාලා සහ අයිස්කාමර
- වැඩහල
- වෙන්දේසි ශාලාව
- දැල් අලුත්වැඩියාහල
- ඉන්ධන සැපයීම
- පොදු පහසුකම්
- ගබඩා
- කාර්යාල ගොඩනැගිල්ල
- ලීටර 36,000 ජල ගබඩාව
- බෙදා හැරීමේ ඒකකය - මිනිත්තුවකට ලීටර 70
- ආපනශාලා පහසුකම්
- සනීපාරක්ෂක පහසුකම්
- ආරක්ෂක ගොඩනැගිල්ල
- ප්‍රධාන ගේට්ටුව සහ ආරක්ෂක කුටිය
- සේවක නිළ නිවාස
- භූ ගත සහ ඉහළ ජල ටැංකි
- වරාය කළමනාකරු නිළ නිවස
- වැටවල් සහ මාර්ගය සඳහා ප්‍රවේශ
- ගුවන් විදුලි කාමරය







