යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
ගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා අද (01) උදෑසන යාපනයේදී මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වන අදියර
දියත් කිරීමේ අවස්ථාවට සහභාගී විය.
මෙම අදියර
යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට පමණක් නොව නැගෙනහිර සහ දකුණු පළාත්වලින් පැමිණෙන
ධීවර බෝට්ටු සඳහා ද ජලය, විදුලිය,
ඉන්ධන, ශීතාගාර, දැල් අලුත්වැඩියා
කිරීමේ මධ්‍යස්ථාන, වෙන්දේසි ශාලා
සහ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථාන වැනි අත්‍යවශ්‍ය පහසුකම් ලබා දෙනු ඇත.
යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ තුන්වන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ








